We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
Sende Ahase 03:38
Lyrics - Sende Ahase සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා...// සැන්දෑ අහසේ... ඈත අතීතෙන් පියවර නගමින් කණවැල අල්ලන් කවුදෝ එනවා බලාපොරොත්තුව ළයට තුරුළු වී ඈ එන පෙරමඟ බලා හිඳිනවා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා සැන්දෑ අහසේ... දුකට මිහිර දෙන පාළුව තනිකම මා වට දැවටී කඳුළු සලනවා අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් ඒ අතරේ මා වෙතට ඇදෙනවා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා...// සැන්දෑ අහසේ... Sende ahase iraTa muwawen Kalaya kavulu dorin miya yanawa...// Sende ahase... Aetha atheethen piyawara nagamin Kanawela allan kawudoe enawaa Balaporoththuwa layata thurulu vee Ae ena peramanga bala hindhinawa Sende ahase iraTa muwawen Kalaya kavulu dorin miya yanawa Sende ahase... Dukata mihira dena paaluwa thanikama Ma wata dewatee kanndulu salanawa Adath eda men nupurudu suwandak Ei atharei ma wethata edenawa Sende ahase iraTa muwawen Kalaya kavulu dorin miya yanawa...// Sende ahase...
2.
Lyrics - Mage Pem Kumariye මගේ පෙම් කුමාරියේ//// රෝස මලදෝ ඔයා පූජාසනේ මගේ පෙම් කුමාරියේ// රැයේ ලා සඳේ ලීලා සක්මනේදී දෑත පටලාලා පිදූ ඒ සිතේ බැඳීලා හාපුරා තරු කැකුලු පායාලා පායාල// මගේ පෙම් කුමාරියේ// මලේ හී සැරේ තෙමාවී රෝස තොල් පෙති හාදු තවරාලා ළයේ සීතලේ හොවාවී ප්‍රේම රොන් පිරි සුවඳ අතුරාලා අතුරාලා// මගේ පෙම් කුමාරියේ//// රෝස මලදෝ ඔයා පූජාසනේ මගේ පෙම් කුමාරියේ// Mage pem kumariye//// Rosa malado oya pujasane Mage pem kumariye// Rayei la sande leela Sakmanedee detha patalala Pidu ei sitei bendeela Hapura tharu kekulu payala Payala// Mage pem kumariye// Malei he serei htemavee Rosa thol pethi hadu thawarala Layei sethale howavee Prema ron piri suwanda athurala Aturala// Mage pem kumariye//// Rosa malado oya pujasane Mage pem kumariye//
3.
Lyrics - Sapumal Suwandak Se සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ හද කුටියට ඔබ හෙමිහිට වැඩියා කිසිවකු නෑ දුටුවේ සපුමල් සුවඳක් සේ... හැන්දෑ වලාකුලේ හදවත රඟමඬලේ මේ හැම තැන ඔබ සැඟවී සිටියා මා පමණයි දුටුවේ සපුමල් සුවඳක් සේ... ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වෙන්නේ සවනත සනහා මා ලඟ උන්නා රැය පමණයි දුටුවේ සපුමල් සුවඳක් සේ... සපුමල් සුවඳක් සේ යලි නෑ හැර යන්නේ මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා ඇයි මුළු ලොව දුටුවේ සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ හද කුටියට ඔබ හෙමිහිට වැඩියා කිසිවකු නෑ දුටුවේ සපුමල් සුවඳක් සේ... Sapumal suwandak se Seethala rae yamei Hada kutiyata oba hemihita wediya Kisiwaku nae dutuwe Sapumal suwandak se... Hende walakule Hadawatha rangamandalei Mei hema tena oba sengavee siiiya Ma pamanayi dutuwe Sapumal suwandak se... Lowa nidi andhuru peyei Seepadayak wenne Sawanatha sanaha ma langa unna Reya pamanayi dutuwe Sapumal suwandak se... Sapumal suwanndhak sei Yali nae hera yanne Mahamera lesa oba noselee sitiya Eyi mulu lowa dutuwe Sapumal suwandak se Seethala rae yamei Hada kutiyata oba hemihita wediya Kisiwaku nae dutuwe Sapumal suwandak se...
4.
Lyrics - Mihintalave Gal Padi මිහින්තලාවේ ගල්පඩි නගිමින නිවන් තලාවට යන ගමනේ...// ගිමන් වෙහෙස නොදැනෙයි බුදු කරුණා ගඟුල ගලා එයි නිරන්තරේ...// සිරිමා බෝ මැඩ සිහිලැල් පවනේ// බෝපත් නැලැවෙන සිලිසිලියේ මෙත් මුදිතා කරුණා ගුණ කැටිවී සන්සුන්වී හද නිවී ගියේ...// අනුරාපුරයේ රන්වැලි මහසෑ// රන්කොත මුදුනේ රන් එලියේ දෙදහස් වසරක සිංහල උරුමයෙ අරුණ නැගී හද ඇදී ගියේ...// මිහින්තලාවේ ගල්පඩි නගිමින නිවන් තලාවට යන ගමනේ...// ගිමන් වෙහෙස නොදැනෙයි බුදු කරුණා ගඟුල ගලා එයි නිරන්තරේ.../// Mihintalawe galpadi nagimina Niwan talawata yana gamane...// Giman vehesa nodeneyi budu karuna Gangula gala eyi nirantharei...// Sirima boe meda sihilel pavane// Bopath nelewena silisiliye Meth muditha karuna guna ketivee Sansunvee hada nivee giyei...// Anuraapuraye ranveli mahase// Rankotha mudune ran eliye Dedahas vasaraka sinhala urumaye AruNa negee hada edee giyei...// Mihintalawe galpadi nagimina Niwan talawata yana gamane...// Giman vehesa nodeneyi budu karuna Gangula gala eyi nirantharei...///
5.
Lyrics - Sarasaviyedi Heta Witharai සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...// මොරසූරන මහ වැස්සේ තනි කුඩයේ අපි තනිවී දොඩමළුවූ හැටි දෙණියේ කොමළ පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවනේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ අපේ මියුරු සීන පිරුණු රජ දහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝළ බැලුම් හෙලා රඟන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ හීනෙන් දැකුමට විතරයි උරුම උනේ හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...// Sarasaviyedi heta witharayi hamuwanne Kimada kumari nethu kanduleli purawanne...// Morasurana maha wesse thani kudaye Api thanivee dodamaluvu heti deniye Komala papa mukulu hina pae dhethole Mathakada mahaveli dele sapu sevane Kala Shilpa raja isuru mal yahane Eda lapalu hevane saratesa nivune Ape miyuru seena pirunu raja dahane Meda suwanda pamani ithiri hantane Kola belum hela rangana pareviyane Mala bendunu gela kumarige handapane Heenen dekumata witharayi uruma une Hantane kumariye nadan Lasande Sarasaviyedi heta witharayi hamuwanne Kimada kumari nethu kanduleli purawanne...//
6.
Roong Pettha 02:38
Lyrics - Roong Pettha රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා...// පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා...// එදා වගේ නෑ මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා...// සුදු කොට රැලි ගවුම ඇඳන් පාසැල් ගිය කාලෙ වගේ...// හිනා වෙන්නෙ නෑ නුරා රැඳුණු කෝළ බැලුම් දැන් හෙලන්නෙ නෑ රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා...// Roong peththa kerakenawa Kompittu idivenawa Ammi numbata surangana katha kiyanawa...// punchi puthe numba apasu Ammi hungak venas wela...// Eda wagei nae Maath ekka bolanda wadan den kiyanne nae Roong peththa kerakenawa Kompittu idivenawa Ammi numbata surangana katha kiyanawa...// Sudu kota reli gavuma endan Pasel giya kale vagei...// Hina venne nae Nura rendhunu kola belum den helanne nae Roong peththa kerakenawa Kompittu idivenawa Ammi numbata surangana katha kiyanawa...//
7.
Lyrics - Kandu Helda Ape කඳු හෙල්ද අපේ මහ ගංද අපේ මුළු රටම අපේ// කඳු හෙල්ද අපේ මහ ගංද අපේ මුළු රටම අපේ// දහදියත් අපේ එහි පලත් අපේ මවුබිමම අපේ// සීහ ධජය සමනොළ මුදුනේ සමුදුර වට ගිරිහෙල් බැඳුනේ...// එක හැඟුමක සෙවනට වෙන්නයි එක හැඟුමින් අතිනත ගන්නයි කඳු හෙල්ද අපේ මහ ගංද අපේ මුළු රටම අපේ// දහදියත් අපේ එහි පලත් අපේ මවුබිමම අපේ// දෑ බැතිපෙම දෙදහස් පොරණේ එක ඉර හඳකිනි එළියවුනේ...// ඉර හඳ පවතින තුරු ඉන්නයි දෙස බස රැස පණ ලෙස ගන්නයි කඳු හෙල්ද අපේ මහ ගංද අපේ මුළු රටම අපේ// කඳු හෙල්ද අපේ මහ ගංද අපේ මුළු රටම අපේ// දහදියත් අපේ එහි පලත් අපේ මවුබිමම අපේ// දහදියත් අපේ එහි පලත් අපේ මවුබිමම අපේ/// Kandu helda apei Maha ganda apei Mulu ratama apei// Kandu helda apei Maha ganda apei Mulu ratama apei// Dahadiyath apei Ehi palath apei Mavubimama apei// Seeha dhajaya samanola mudune Samudura wata girihel bendune...// Eka hengumaka sewanata wennayi Eka hengumin athinatha gannayi Kandu helda apei Maha ganda apei Mulu ratama apei// Dahadiyath apei Ehi palath apei Mavubimama apei// Dae bethipema dedahas porane Eka ira handakini eliyavune...// Ira handa pavathina thuru innayi Desa basa resa pana lesa gannayi Kandu helda apei Maha ganda apei Mulu ratama apei// Kandu helda apei Maha ganda apei Mulu ratama apei// Dahadiyath apei Ehi palath apei Mavubimama apei// Dahadiyath apei Ehi palath apei Mavubimama apei///
8.
Lyrics - Dheera Sameere Yamuna ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී...// ගෝපී පීන පයෝධර මර්දන// චංචල කර යුග සාලී// රාධා වදන විලෝපන විකසිත විවිධ විකාර විභම්ගම්...// ජලනිදි නිවනිදු මන්ධප දර්ශන// කරනිත තුම්බ සරංගම්// ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී...// ගෝපී පීන පයෝධර මර්දන// චංචල කර යුග සාලී//// Dheera sameere yamuna theere Vasathi vanei vanamalee...// Gopee peena payodhara mardana// Chanchala kara yuga saalee// Raadha vadana vilopana vikasitha Vivida vikara vibhamgam...// Jalanidi nivanidu mandapa darshana// Karanitha tumba sarangam// Dheera sameere yamuna theere Vasathi vanei vanamalee...// Gopee peena payodhara mardana// Chanchala kara yuga saalee////
9.
Lyrics - Mage Madri Nam මගේ මද්‍රී නම් බිසෝගේ යාච්ඤාවෙ බෝය වේගේ...// නෙක චණ්ඩ ව්‍යා‍ඝ්‍ර වාසේ එහිමාල දේශෙ දේවී...// හාමත්ව ඉන්ට වේමැයි බොහො දූක් විඳින්ට වෙන්නේ...// නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ...// ගෙයි පහන නෑ ගියෝතින් මම අන්ධකාරෙ ඉන්නෙම්...// මා බැන්ද පෙම්බරාගේ ඒ වාසෙ මාගෙ වාසේ...// බොහො චණ්ඩ ව්‍යා‍ඝ්‍ර ආදී උන්නත් හිමාල දේසේ...// එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී...// නවතින්න මාළිගාවේ සීදේවි නේනු මාගේ එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී.../// Mage madri nam bisoge Yachgnave goya vege...// Neka chanda vyagra vase Ahima deshe devee...// Hamathva inta vemayi Boho duk vindinta venne...// Navathinna maligawe Seedevi nenu mage...// Geyi pahana nei giyothin Mama andhakare innem...// Ma benda pembarage Ae wase mage wase...// Boho chanda vyagra adee Unnath himala dese...// Emi swami ekka nikmee Ae jeevitheta pevee...// Navathinna maligawe Seedevi nenu mage Emi swami ekka nikmee Ae jeevitheta vevee...////
10.
Lyrics - Pichcha Mal Wananthareta පිච්ච මල් වනන්තරේට මොණර කිරිල්ලී// දීපාවලි රාත්‍රියට චන්ද්‍ර කුමාරී සුගන්දිනි කොරඟමලී පත්තිනි දේවී ජූලි මාසෙ ගිනි නිවිලා ඇයි මට ආවම පාළු වෙලා වල් වැවිලා මුළු මල් යායම සුගන්දිනී නුඹ කොහේද මම අද තනියම මම අද තනියම පිච්ච මල් වනන්තරේට මොණර කිරිල්ලී// දීපාවලි රාත්‍රියට චන්ද්‍ර කුමාරී සුගන්දිනි කොරඟමලී පත්තිනි දේවී කෝවිල ලඟ පාන නිවී ඝන නිල් කලුවර ඒ කලුවර පහන් කරන කෝ නුඹෙ ඇස් දෙක තව මොනවා නැතිවෙන්නද සුගන්දිනි මට සුගන්දිනි මට පිච්ච මල් වනන්තරේට මොණර කිරිල්ලී// දීපාවලි රාත්‍රියට චන්ද්‍ර කුමාරී සුගන්දිනි කොරඟමලී පත්තිනි දේවී පිච්ච මල් වනන්තරේට මොණර කිරිල්ලී Pichcha mal wananthareta monara kirillee// Deepavali rathriyata chandra kumare Sugandini korangamalee patthini devee Juli mase gini nivila eyi mata avama Palu wela wal vevila mulu mal yayama Sugandini numba koheda mama ada thaniyama Mama ada thaniyama Pichcha mal wananthareta monara kirillee// Deepavali rathriyata chandra kumare Sugandini korangamalee patthini devee Kovila langa pana nivee Gana nil kaluwara Ei kaluwara pahan karana ko numbe es deka Thawa monawa nethivennada sugandini mata Sugandini mata Pichcha mal wananthareta monara kirillee// Deepavali rathriyata chandra kumare Sugandini korangamalee patthini devee Pichcha mal wananthareta monara kirillee
11.
Sanda Ma Ha 02:57
Lyrics - Sanda Ma Ha සඳ මා හා සිනාසුනා තරු මා හා කතා කලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ පුරා පෝය හඳ අහසට එනවිට මා යනවා බෝ මළුව දිහාවට බෝ මළුවේ හිඳ පහන් කුළුන යට පෙරුම් පුරනවා ඔබ දැකගන්නට සඳ මා හා සිනාසුනා තරු මා හා කතා කලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට නාඳුනනා සේ ආපසු යනවිට සුසුම් නැගෙනවා හද උතුරන්නට සඳ මා හා සිනාසුනා තරු මා හා කතා කලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ Sanda ma ha sinasuna Tharu ma ha katha kala Oba ma ha sinasune nae Oba ma ha kathakale nae Pura poya handa ahasata enavita Ma yanawa bo maluwa dihawata Bo maluwe hinda pahan kuluna yata Perum puranawa oba dekagannata Sanda ma ha sinasuna Tharu ma ha katha kala Oba ma ha sinasune nae Oba ma ha kathakale nae Pura poya handa payana Vilasata Oba enawa bo samindu pudannata Nandunana se apasu yanavita Susum negenawa hada uthurannata Sanda ma ha sinasuna Tharu ma ha katha kala Oba ma ha sinasune nae Oba ma ha kathakale nae
12.
Lyrics - Udumbara Manaliye උදුම්බරා මනාළියේ රුවින් උතුම් කුමාරියේ...// උදුම්බරා... අංජන මදු සුවඳ පැනින් රූසිරි වත දොවා රංගන මනමාළ බැළුම් දෑස කොනේ මවා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාළියේ ප්‍රේම විමන් දොරටු වසන් ලොවින් උතුම් කුමාරියේ උදුම්බරා මනාළියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා... කොකිල රජ දහන් පවා හඬින් උමතු වෙලා සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුලු කලා ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාළියේ ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ උදුම්බරා මනාළියේ රුවින් උතුම් කුමාරියේ...// උදුම්බරා... Udumbara manaliye Ruwin uthum kumariye...// Udumbara... Anjana madu suwanda penin Rusiri watha dowa Rangana manamala belum Desa konei mawa Obe lowata ma gena yana Udumbara manaliye Prema viman doratu wasan Lovin uthum kumariye Udumbara manaliye Ruwin uthum kumariye Udumbara... Kokila raja dahan pawa Handin umathu wela Seegiri sura dutha landun Horen mukulu kala Obe lowata ma gena yana Udumbara manaliye Prema viman doratu wasan Ruwin uthum kumariye Udumbara manaliye Ruwin uthum kumariye...// Udumbara...
13.
Lyrics - Palu Pele Mata පාළු පැලේ මට තනි නෑ හිමියනේ හිත සංකා ගන්න එපා හිමියනේ විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි හතර වරාම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි බාධක දුක් දුරුවීලා ගිය කාරිය හරියනවා මගෙ දෙය්යෝ උදෙනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා පාළු පැලේ මට තනි නෑ හිමියනේ හිත සංකා ගන්න එපා හිමියනේ විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි හතර වරාම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා වාසි නැතත් හිමි සඳිනේ වැඩි ඈතට යන්න එපා පාළු පැලේ මට තනි නෑ හිමියනේ හිත සංකා ගන්න එපා හිමියනේ විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි හතර වරාම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි Palu pele mata thani nae himiyane Hitha sanka ganna epa himiyane Viduli akunu mega wala ethera adennayi Hatara waram devi pihiten methera dakinnayi Badhaka duk duruveela giya kariya hariyanawa Mage deyyo udenekke verala dige geta enawa Palu pele mata thani nae himiyane Hitha sanka ganna epa himiyane Viduli akunu mega wala ethera adennayi Hatara waram devi pihiten methera dakinnayi Kinduru liyan dutuwothin ma amathaka wenna epa Wasi nethath himi sandhine wedi aethata yanna epa Palu pele mata thani nae himiyane Hitha sanka ganna epa himiyane Viduli akunu mega wala ethera adennayi Hatara waram devi pihiten methera dakinnayi
14.
Lyrics - Mangala Madusamaya මංගල මධු සමය පතා කුල ගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා කුස ගින්දර නිවාගන්න දියඹට යනවා හෝ ඕ ඕ හෝයියා හෝයියා// රැල්ල බිඳේ අඳෝනාව ජීවන මළපොත කියවයි නිම් නැති නිම් වළලු පෙලේ සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ අතු පැලේ හෝ ඕ ඕ හෝයියා හෝයියා// අඳුර දවන තාරකාව කලු ලන්තෑරුම් එළියයි ඔරු බඳ තුරුලේ තැබුනේ ඊයේ ලද උණුසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ තොටුපලේ හෝ ඕ ඕ හෝයියා හෝයියා/// Mangala madhu samaya patha Kula geta aa rupikawa Palu lowaka thanikarada Diyambata yanawa Kusa gindara niwaganna Diyambata yanawa Hoe oe oe hoyiya hoyiya// Rella binde andhonawa Jeewana malapotha kiyawayi Nim Nethi nim valalu pele Sampatha eya senasumayi Eya mata atha wananu pene Ivura konei athu pele Hoe oe oe hoyiya hoyiya// Andura davana tharakawa Kalu lantherum eliyayi Oru banda thurule thebune Eeye lada unusumayi Eya mata atha wananu pene Ivura konei totupale Hoe oe oe hoyiya hoyiya///
15.
Lyrics - Adara Sathutu Susum ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන්...// ජීවන කවුළු දොරින් යහන් වැද - මාවෙත තුරුලු වෙයන් ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන් ඇසිපිය හෙලමින් ලතැවෙයි යුග නෙත වදනක පවසින් - නිසලයි සවනත...// ඒ මුදු බොළඳ වදන් සුගන්දය - පාවෙනු සොඳුරු ලොවින් ආදර නිමල නැවුම් වසන්තය - ලංවෙනු මියුරු සරින් ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන්...// ජීවන කවුළු දොරින් යහන් වැද - මාවෙත තුරුලු වෙයන් ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන් පාළුව සමගින් වැලපෙයි හදවත අසරණ රැහැනින් - බැඳ ඇත සිරුරත...// කාලය ඉගිල යමින් යොවුන් සිරි - සේදෙයි කඳුළු දියෙන් ඒ නෙත් කෙවෙනි තුලින් පෙමින් තොර - මා හද අවදි කරන් ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන්...// ජීවන කවුළු දොරින් යහන් වැද - මාවෙත තුරුලු වෙයන් ආදර සතුටු සුසුම් පවන් රොද - සීතල රැයක සෙමෙන් Adara satutu susum Pavan roda - seethala reyaka semen...// Jeevana kavulu dorin Yahan veda - mawetha thurulu weyan Adara satutu susum Pavan roda - seethala reyaka semen Asipiya helamin Lathaweyi yuga netha Wadanaka pawasin - nisalayi savanatha...// Ei mudu bolanda wadan Sugandaya - pawenu sondhuru lowin Adara nimala nevum Wasanthaya - lanwenu miyuru sarin Adara satutu susum Pavan roda - seethala reyaka semen Jeevana kavulu dorin Yahan veda - mawetha thurulu weyan Adara satutu susum Pavan roda - seethala reyaka semen Paaluwa samagin Welapeyi hadawatha Asarana rehenin - benda etha siruratha...// Kaalaya igila yamin Yovun siri - sedeyi kandulu diyen Ei neth keveni thulin Pemin thora - ma hada avadi karan Adara satutu susum Pavan roda - seethala reyaka semen...// Jeevana kavulu dorin Yahan veda - mawetha thurulu weyan Adara satutu susum Pavan roda - seethala reyaka semen
16.
Lyrics - Sandak Sadisi Landak සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන අසන්නට හිතයි ඇයගෙන් වතගොත යන තැන...// මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...// ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක පියා සීසායි මම බත ගෙනයමි හනිකට...// සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...// පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි...// අමරා දේවී ඔබ අමරා දේවී නැණවත් දේවී ඔබ අමරාදේවී.../// Sandak sadisi landak ruweti lesi gamanin ena Asannata hithayi ayagen wathagotha yana tena...// Muthu warusa watha sarasa mediyam hiru resei Kohi sita kohi yanawada oba monawada oya hise...// Giyoth keneku yalith noena tena ethi kumburaka Piyaa seesayi mama batha genayami hanikata...// Sohon bima asala kumburaka weheseyi thama piya Ohuta embula genayana oba kiyan kavuda kiya...// Pamaweya himiyani mama obagen samugami Nomerena yam keneku weida ei nama mata himi...// Amara devee oba amara devee Nenawath devee oba amaradevee...///

about

ABOUT THE ALBUM

The album 'Sende Ahase' brings some of the most memorable songs sung by Dr Dayaratna Ranatunga and Professor Amara Ranatunga over their decades long music career.


ABOUT THE ARTISTS

DR DAYARATNA RANATUNGA is a highly qualified and well respected musician in Sri Lanka. He is a renowned artist acclaimed by media. He is also a Music Director and a composer, who performs both light and classical music, and he is recognized as a super grade singer. He started his music education in 1952 at the College of Fine Arts, as a child. After completing his degree in Sri Lanka, he joined the Bhathkhande University in India for further studies and became a Sangeeth Visharad. He is also an intellectual who had done research and earned several Degrees and Diplomas in Science, Broadcasting, Journalism, and as a Media Person, in Electronic Media, from India, USA, Germany and England. He holds a PhD in Music Therapy.

Dr Dayaratna Ranatunga was the first Director of Music and Research of the Sri Lanka Broadcasting Corporation. He administered the Sinhala, Tamil, Muslim and English Music/ Research Departments together with all other services in the country such as Rajarata Sevaya, Mahanuwara Sewaya, Ruhunu Sewaya, Giranduru Kotte Sewaya etc.

Dr Dayaratna has served as a Music Scholar, and a Lecturer, at several foreign Universities and Institutions such as University of Phillippenes- Manila, University of California, Los Angeles and High School for Special Education in Burbank, California.

In the year 1990 he represented Sri Lanka Broadcasting Corporation at the BBC in London and presented Sandesaya Programme.

At present he functions as the Vice Chairman of the Sri Lanka Performing Rights Society, affiliated to World Intellectual Property Organization in Geneva, and Vice Chairman of the Center for Sustained Development in Sri Lanka. He serves as an External Examiner and Visiting lecturer of the University of Visual arts and Performing Arts, Sri Lanka. Also, he Serves as a Lecturer, Consultant in Music Education at several other institutions.


PROFESSOR AMARA RANATUNGA is the most qualified person in Vocal Music in Sri Lanka. She is also recognized as a super grade singer who performs both classical and light music. She too started her music education in the year 1952 as a small girl at the College of Fine Arts in Colombo. After completing the Degree, in Sri Lanka she joined the Bhathkhande University in India and earned the Sangeeth Visharad Degree with a First Division. Owing to the esteemed position she held as the highly enlightened and talented vocalist in the country, she was offered a scholarship by the Government of India to proceed with her higher studies at the Benaras Hindu University in India. There, she worked diligently with other Indian Scholars and earned Master’s Degree (Mmus) with a First Class. As a result, her Scholarship was extended by the ICCR in New Delhi to do the PhD in Music.

She was the only Sri Lankan Vocalist conferred with the PhD or the Doctorate in Vocal Music.

Starting here career as a music teacher at the Meegoda Maha Vidyalaya, Prof Amara Ranatunga has served as Lecturer at the Government College of Fine Arts, Senior Lecturer of the Institute of Aesthetics of the Kelaniya University, Dean of the Faculty of Music of the Institute of Aesthetics of the Kelaniya University, Visiting lecturer of the Fine Arts Department of the Kelaniya University, Professor of the Institute of Aesthetics of the Kelaniya University, Professor of the University of Visual Arts and Performing Arts and Visiting Lecturer of the University of California, Los Angeles.

At present she is a visiting Professor/Lecturer of the University Visual Arts and Performing Arts, and a Director of the Sri Lanka Performing Rights Society affiliated to WIPO, Geneva. Also she serves as a lecturer and consultant of several educational organizations such as The National Institute of Education.


BOTH DR DAYARATNA RANATUNGA AND PROF AMARA RANATUNGA perform in almost all the media organizations in Sri Lanka. They create and produce programmes for several institutions. They do lecture demonstrations at Universities, several organizations and institutions such as the Indian Cultural Center in Colombo.

Both of them have been honoured with the exceptional award ‘Bharat Mitra’ by the Government of India, for the immaculate service rendered to the field of music. They have received several awards including the Presidents Award, Prime Ministers award, awards from foreign universities, foreign cultural organizations.


READ MORE: Amardaya Music Foundation - amardayamusicfoundation.com

credits

released March 10, 2012

license

all rights reserved

tags

about

Dr Dayaratna Ranatunga and Prof Amara Ranatunga Sri Lanka

Dr Dayaratna Ranatunga is a highly renowned musician in Sri Lanka. A Sangeeth Visharad, he has earned degrees from India, USA, Germany & UK and lectured at several foreign Universities. He holds a PhD in Music Therapy.

Prof Amara Ranatunga is the most qualified person in Vocal Music in Sri Lanka. A super grade singer & a Sangeeth Visharad, she is the only Sri Lankan Vocalist conferred with a PhD.
... more

contact / help

Contact Dr Dayaratna Ranatunga and Prof Amara Ranatunga

Streaming and
Download help

Report this album or account

Dr Dayaratna Ranatunga and Prof Amara Ranatunga recommends:

If you like Dr Dayaratna Ranatunga and Prof Amara Ranatunga, you may also like: